Latest News

ඉන්දියාවේ තොරතුරක් නිසා කටුනායක ගුවන්තොටුපොළේ හදිසි පරීක්ෂාවක්

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ අද (03) දහවල් හදිසි පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

අද (03) පෙරවරුවේ මුම්බායි සිට පැමිණි ගුවන් යානයක කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 07 දෙනෙකු පැමිණෙන බවට ඉන්දියාවෙන් ලැබුණු තොරතුරක් මත මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

පෙරවරු 11.20ට කටුනායකට පැමිණි යූ.එල් 123 දරණ ගුවන් යානයෙන් මෙම සැකකරුවන් පැමිණෙන බවට තොරතුරු ලැබී තිබූ අතර, එවැනි සැකකටයුතු කිසිවෙක් අදාළ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ නොමැති බව සිදුකළ පරීක්ෂා කිරීම්වල දී අනාවරණය වූ බවයි ගුවන්තොටුපොළ WESL News වාර්තාකරු පැවසුවේ.

පොලීසිය, ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම හදිසි පරික්ෂා කිරීමේ කටයුතු සිදුකර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් හි සිදු වූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ ඉන්දියාව සහ පාකිස්ථානය අතර මේ වනවිට දැඩි රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් මතුව ඇති අතර, එය දෙරට අතර යුදමය තත්ත්වයක් දක්වා වර්ධනයවන මට්ටමකට පැමිණ තිබෙනවා.

World News

Send your contact Details Today