Latest News

Online ණය දෙන ආයතන ගැන ශ්‍රී ලංකා මහ බැංකුව කියන කතාව

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තැන්පතු ලබාදීමකින් තොරව මාර්ගගත ක්‍රමයට (Online) ණය ලබාදෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට සිය ආයතනයට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඊට හේතුව, තැන්පතු ලබා ගැනීමකින් තොරව ණය දීමට නීතිමය තහනමක් නොමැතිවීම බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මහ බැංකුවට තොරතුරු ලැබී තිබෙන්නේ මාර්ගගත ක්‍රමයට ණය ලබාදෙන ඇතැම් ආයතන සියයට 42 ත් සියයට 50 ත් අතර මාසික පොලියකට ණය ලබාදෙන බවටයි.

එමෙන්ම මෙම ආයතන ණය ලබාදෙන සියලු පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත්, බැංකු ගිණුම් ආදී සියලු තොරතුරු ලබාගන්නා අතර, අදාළ ණය මුදල් නොගෙවන පුද්ගලයන්ට සමාජ මාධ්‍ය යොදාගෙන විවිධාකාරයෙන් අපවාද සිදු කරන බවද සඳහන්.

මෙලෙස අධික පොලී මත ණය මුදල් නිකුත් කරන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට අදාළව ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත ඉකුත් 2019 වසරේදී සකස් කරනු ලැබුවා.

එය අනුමැතිය සඳහා දෙවරක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

මෙම කෙටුම්පත ඉකුත් වසරේ (2024) ජනවාරි මාසයේ දී පළමු වරට පාර්ලිමේන්තුවේ කියවීම සිදු කළා.

කෙසේ නමුත් මෙම කෙටුම්පත නැවත වරක් මේ මාසයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා නොමැති බවයි වාර්තා වන්නේ.

අදාළ ණය දෙන ආයතන මුදල් අමාත්‍යාංශය පිහිටුවන වෙනම අධිකාරියක් හරහා අධීක්ෂණය කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today