Latest News

ඉන්දු – පාකිස්තාන උණුසුමට බ්‍රිතාන්‍යයත් මැදිහත් වෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින උණුසුම්කාරී තත්ත්වය සඳහා බ්‍රිතාන්‍යය ද මැදිහත් වී තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් අවසන් කර නැවතත් සාකච්ජා කරන ලෙසට බ්‍රිතාන්‍යය විසින් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම තත්ත්වය හමුවේ පාකිස්තාන අගමැති සහ එරට ජනාධිපතිවරයා අතර හමුවක් සිදු වී තිබෙනවා.

එහිදී ඕනෑම ආක්‍රමණයකට අවශ්‍ය ඕනෑම ආකාරයක ප්‍රතිචාරයක් දැක්වීමට පාකිස්තාන සුදානම් බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දීය අගමැති මෝදී සඳහන් කර ඇත්තේ ත්‍රස්තවාදය මුලිනුපුටා දමන තුරු මෙම සටන් ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් පාකිස්තානය විසින් සිය ගුවන් කලාපය ඉන්දියානු ගුවන් සමාගම්වලට වසා දැමීමෙන් පසු එයාර් ඉන්දියා ගුවන් සේවයට ඩොලර් මිලියන 600ක් දක්වා අමතර වියදම් ගෙවීමට සිදුවිය හැකි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

World News

Send your contact Details Today