Latest News

පහල්ගම් ප්‍රහාරයේ ත්‍රස්තයින් සැඟවී ඉන්න තැන ගැන විශ්වසනීය තොරතුරක්

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් සිව්දෙනා තවමත් සුරක්ෂිතව දකුණු කාෂ්මීරයේ රැඳීසිටින බවට විශ්වසනීය තොරතුරක් ලැබී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ත්‍රස්තවාදීන් සොයා පොලීසිය දැවැන්ත මෙහෙයුමක් දියත් කරන පසුබිමක මෙම පුවත වාර්තාවීම විශේෂත්වයක්.

මෙවන් පසුබිමක අඛණ්ඩ 8 වැනි දිනටත් ඉන්දු – පාකිස්තාන දේශසීමාවේ හමුදා අතර වෙඩි හුවමාරු සිදුවී තිබෙනවා.

මේ අතර පහල්ගම් ප්‍රහාරය සමඟින් ඇතිවූ ද්වීපාර්ශ්වීය මතගැටුම මුල්කරගෙන ඉන්දීය ගුවන්යානා සඳහා සිය ගුවන් කලාපය වසා දැමීමට පාකිස්තානය පියවර ගෙන තිබුණා.

එමෙන්ම පාකිස්තාන මාධ්‍ය නාලිකා තුළ ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම ද අත්හිටුවා තිබෙනවා.

World News

Send your contact Details Today