Latest News

සර්පයෙක් නිසා ළමුන් 100කට අධික සංඛ්‍යාවකට අත් වූ අවාසනාවන්ත ඉරණම

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වී තිබෙනවා.

ඒ ආහාර විෂ වීමක් හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මොකාමා නගරයේ පාසලක, ළමුන්ට නොමිලේ ලබා දුන් දිවා ආහාරවල තිබී මියගිය සර්පයෙකු හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් මෙම ආහාර විෂ වීම සිදුව ඇති බව බලධාරීන් සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

මියගිය සර්පයා ඉවත් කර එම ආහාර ළමුන්ට බෙදා දී ඇති බවයි ඉන්දියාවේ ජාතික මානව හිමිකම් කොමිසම පවසන්නේ.

ළමුන් 500 දෙනෙකු පමණ එම ආහාර පරිභෝජනය කර ඇති බවද සඳහන්.

ළමුන් රෝගාතුර වීමෙන් පසු ප්‍රදේශයේ දැවැන්ත විරෝධතාවයක් ද සංවිධානය කර තිබුණා.

World News

Send your contact Details Today