Latest News

චීනයේ අවධානය පාකිස්තානයට යොමුවෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය තුළ සිටින සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධව යළි චීනයේ දැඩි අවධානය යොමු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්.

චීන අරමුදල් යටතේ පාකිස්තානයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල රැකියාවේ නිරතව සිටින චීන ජාතිකයන්ට වසර ගණනාවක් පුරා එල්ල වන ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීමට පාකිස්තාන හමුදාව අසමත්වීම චීනයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

චීනයට ඇති විශාලතම කනස්සල්ල පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය බවත්, එය එරට චීන ආයෝජන ව්‍යාපෘතිවලට දැඩි බාධාවක් වී ඇති බවත් පාකිස්තානයේ චීන තානාපති ජියැං සයිඩොං ප්‍රකාශ කර තිබෙන බව ද සඳහන්.

චීන ජාතිකයන්ට පාකිස්තානයේදී ප්‍රහාරයට මුහුණ පෑමට සිදුවීම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා බිඳ වැටීමට හේතු වනු ඇතැයි ද, එරට අනාගත ආයෝජන තීරණය කිරීමේදී චීනයට එය තීරණාත්මක වනු ඇතැයි ද ආසියානු කලාපයේ අධ්‍යයනය සඳහා වන හොංකොං පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ගුලාම් අලි ප්‍රකාශ කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

World News

Send your contact Details Today