Latest News

යුධ උණුසුම මැද පාකිස්තාන හමුදා ප්‍රධානියා පළාගොස් ඇති බවට තොරතුරු

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉහළ යන යුද උණුසුම මධ්‍යයේ, පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් සයිඩ් අසීම් ​​මුනීර් රටෙන් පළාගොස් ඇති බවට වාර්තා පළවනවා.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන පරිදි පාකිස්ථාන හමුදා ප්‍රධානියාගේ පළායෑම ගැන වූ වාර්තා පාකිස්ථාන සමාජ මාධ්‍යවල හැෂ් ටැග් සහිතව පළවී තිබුණා.

ඉන්දියාව විසින් දියත් කළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයෙන් පසු ජෙනරාල් මුනීර් ක්‍රියාන්විතයේදී අතුරුදහන් වී ඇති බව ද ඇතැම් ජනමාධ්‍ය වාර්තා පවසනවා.

කෙසේවෙතත් මෙම තහවුරු නොකළ වාර්තාවලින් කියැවෙන්නේ, පාකිස්තාන හමුදා ප්‍රධානියා තම පවුලේ අය සමඟ රටින් පළාගොස් ඇති බවයි, නැතහොත් රාවල්පින්ඩි හි බංකරයක සැඟවී සිටින බවයි.

පාකිස්තාන හමුදා නායකයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වීමත් සමග පාකිස්තාන ජාතිකයන් මෙන්ම ඉන්දියානුවන් ද ඒ සම්බන්ධයෙන් අදහස් පළකර තිබෙනවා.

මේ අතර ඉන්දියාව සහ පාකිස්තාන අතර පවතින යුද උණුසුම හේතුවෙන් ඕනෑම මොහොතක යුද ගැටුමක් ඇතිවීමේ අවදානම ත්‍රීව වෙමින් පවතින බව අන්තර්ජාතික විශ්ලේකයෝ පවසනවා.

World News

Send your contact Details Today