Latest News

මෝදිගේ රජයට පාකිස්තානයෙන් විවේචන

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානු දේශ සීමාවට අයත් ප්‍රාන්ත කොටස් වන පන්ජාබ් හා සින්ද් හි අමාත්‍යවරුන් වන අස්මා බොහාරි සහ ෂර්ජීල් ඉනාම් මේමන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජයේ දෝෂදර්ශනයට ලක් වන ‘වාචාල කතා’ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

‘ද ඩවුන්’ වෙබ් අඩවිය වාර්තා කළේ පසුගියදා ජම්මු – කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය රජය කිසිදු විධිමත් පරීක්ෂණයකින් තොර ව සිය රාජ්‍යය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිටින බවයි.

සම්ජෞතා (Samjhauta) එක්ස්ප්‍රස් බෝම්බ ප්‍රහාරයේ සිට පතන්කොට් සහ පුල්වාමා ප්‍රහාර දක්වා, තහවුරු කළ හැකි සාක්ෂි ඉදිරිපත් නොකර, ඉන්දියාව නැවත නැවතත් තම රටට එරෙහිව ව්‍යාජ කතාවක් ගොඩනැගීමට උත්සාහ කළ බවයි අමාත්‍යවරුන් දෙදෙනා පෙන්වා දෙන්නේ.

මාධ්‍ය හමුවක් අමතමින් පන්ජාබ් තොරතුරු අමාත්‍ය අස්මා බොහාරි පැවසුවේ, ඉන්දීය හමුදා භටයින් 700,000ක් සිටිය ද, ඉන්දියාව යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් ප්‍රහාරය මෝදි රජයේ අසාර්ථකත්වයට පැහැදිලි සාක්ෂියක් බවයි.

World News

Send your contact Details Today