Latest News

උගුර කැපී යාමේ අවදානමක් සහිත පාන් වර්ගයක් ආපසු කැඳවයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වීදුරු කැබලි තිබිය හැකි බවට අනතුරු අඟවමින් අමෙරිකාව පුරා බෙදාහරිනු ලැබූ පාන් වර්ගයක් නැවත ගෙන්වා ගැනීමට එරට ආහාර හා ඖෂධ පරිපාලන ඒකකය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමෙරිකානු බලධාරීන් මේ නිවේදනය නිකුත් කර ඇත්තේ සිය බේකරිය මඟින් නිපදවනු ලබන පාන් වර්ගයකින් වීදුරු කැබලි හමු වූ බවට බේකරි නිෂ්පාදන සමාගමකින් කළ දැනුම් දීමකින් පසුව බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම පාන් වර්ගය මේ වන විටත් කැලිෆෝනියාව, කනෙක්ටිකට්, මේරිලෑන්ඩ්, ඔහියෝ සහ පෙන්සිල්වේනියා වැනි ප්‍රාන්තවල වෙළෙඳසැල් වෙත නැව්ගත කර ඇති අතර, පාරිභෝගිකයන් අතට පත්වීමට පෙර යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද වාර්තා වනවා.

කිලෝග්‍රෑම් 500ක බරින් යුතු එම පාන් වර්ගයේ උගුර කැපී යන ආකාරයේ ප්‍රමාණයෙන් යුතු වීදුරු කැබලි තිබූ බවට අදාළ බේකරි සමාගමට පැමිණිලි 818ක් ලැබී ඇති බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today