Latest News

කාශ්මීරයේ සංචාරක ස්ථාන 50ක් වසාදැමේ

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආරක්ෂාව සැලකිල්ලට ගෙන ස්ථාන 50ක් සංචාරකයන්ට වසා දැමීමට එම ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙන බව හින්දුස්තාන් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ජම්මු කාශ්මීර් ප්‍රාන්ත රජයේ නිලධාරියකු සඳහන් කර ඇත්තේ වසා දැමූ සංචාරක ස්ථාන අතර මහජන උද්‍යාන සහ සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ තවත් ස්ථාන රැසක් ඇති බවයි.

එම ස්ථාන නැවත සංචාරකයන්ට විවෘත කිරීමට පෙර ආරක්ෂාව තහවුරු කළ යුතුව ඇතැයි ද, මේ වනවිට කාශ්මීරයේ සිදුවන හමුදා මෙහෙයුම් අවසන් වීමෙන් පසු එම ස්ථාන නැවත සංචාරකයන්ට විවෘත කිරීමට අවධානය යොමු කරන බව ද ජම්මු කාශ්මීර ප්‍රාන්ත රජයේ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today