Latest News

ඉන්දීය ගංඟාවල රුධිරය ගලා යා හැකි බවට පාකිස්තානය අනතුරු අඟවයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කිසියම් අවස්ථාවක පාකිස්තානයට ජලය ලැබෙන දොරටු ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් ම අවහිර කරනු ලැබුවහොත් නියත වශයෙන් ම එම ඉන්දීය ගංඟා වල රුධිරය ගලා යාමට එය හේතු විය හැකි බව පාකිස්තානය අනතුරු අඟවා තිබෙනවා.

hindustantimes වෙබ් අඩවිය වාර්තා කළේ, පාකිස්තානයේ මධ්‍යම අමාත්‍ය බිලාවල් භූතෝගේ මෙම ප්‍රකාශයට ඉන්දීය රජයෙන් බරපතළ ගණයේ පිළිතුරක් ලැබී ඇති බවයි.

පහල්ගම් ප්‍රහාරය සම්බන්ධයෙන් උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, දෙපාර්ශ්වය ම මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

බිලාවල් භූතෝ-සර්දාරිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම ජල ශක්ති අමාත්‍ය සී.ආර්. පාටිල් අභියෝග කරමින් පවසා ඇත්තේ බිලාවල්ට සැබවින්ම ධෛර්යයක් තිබේ නම් ඉන්දියාවට පැමිණෙන ලෙසටයි.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව – පකිස්ථානය සමඟ ඉන්දු ජල ගිවිසුම අත්හිටුවීමෙන් පසු පකිස්ථාන මහජන පක්ෂ (PPP) නායකයා ප්‍රකෝපකාරී ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුව ඉන්දියාව මෙලෙස බරපතළ ගණයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා.

World News

Send your contact Details Today