Latest News

ගිනිකොනදිග කොරියාව ගිනි ගනියි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනිකොන දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1,200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර ඇති බවයි එම වාර්තා කර ඇත්තේ.

ගින්න හට ගෙන ඇත්තේ, සෝල් අගනුවර සිට කිලෝමීටර 233ක් ගිනිකොන දෙසින් පිහිටි ඩෙගු නගරය ආශ්‍රිතවයි.

ඊයේ (28) පස්වරුවේ හටගත් ගින්නෙන් මේ වනවිට හෙක්ටයාර 200කට අධික භූමි ප්‍රමාණයක් විනාශ තිබෙන බවට වාර්තා වනවා.

ගිනිනිවීමේ මෙහෙයුම් සඳහා ගිනිනිවන සේවකයින් 1,500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබුණා.

ඒ සඳහා ගුවන්යානා ද 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවත් සඳහන්.

ඒ අනුව අද පස්වරුව වනවිට ලැව්ගින්න තරමක් පාලනය කිරීමට ගිනිනිවන සේවකයින් සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today