Latest News

ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ හදිසි තත්ත්වයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ විදුලිය බිද වැටීම සම්පුර්ණයෙන් යථා තත්ත්වයට පත්කිරීම සඳහා විදුලි බල අංශ දැඩි පරිශ්‍රමයක නිරත වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ස්පාඤ්ඤය, පෘතුගාලය හා ප්‍රංශයේ ප්‍රදේශ රැසක ඊයේ (28) විදුලි බිඳ වැටීමක් සිදුවුණා.

කෙසේවෙතත් ඊයේ (28) රාත්‍රීය වන විට ස්පාඤ්ඤයේ විදුලිය බිඳ වැටීම 50%ක් යථා තත්ත්වයට පත්කර ඇති අතර පෘතුගාලයේ නිවාස හත්ලක්ෂ පනස්දහසකට පමණ යළි විදුලිය ලබාදීමට හැකිව තිබෙනවා.

කෙසේ වුව ද ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය තවමත් බලාත්මක බවයි වාර්තා වන්නේ.

විදුලිය බිඳ වැටීම හේතුවෙන් මිලියන ගණනක පිරිසක් අපහසුතාවට පත්ව සිටින අතර ඊට ප්‍රංශය හා ස්පාඤ්ඤය අතර පවත්නා විදුලි සබඳතාවයේ ගැටලුවක් හේතුවී ඇති බවයි යුරෝපයේ විදුලි බල කර්මාන්තයේ ඉහළ පෙලේ නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා.

යුරෝපයේ ග්‍රිඩ් විදුලි ජාලයෙන් ස්පාඤ්ඤයේ ග්‍රිඩ් විදුලි ජාලය විසන්ධි වී ඇති බව ඔහු තවදුරටත් පවසනවා.

විදුලිය බිඳ වැටීමත් සමග ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ හා පෘතුගාලයේ දුම්රිය හා ගුවන් ගමන් සේවාවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

වෙළඳසැල්, නිවාස, අවන්හල් ඇතුලු පොදු ස්ථාන අන්ධකාරයේ පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම විදුලි සෝපානයන් තුළ ජනතාව සිරවී සිටි සිද්ධීන් සම්බන්ධයෙන් ද වාර්තා වී තිබුණා.

World News

Send your contact Details Today