Latest News

ජීවිතයේ සුන්දරතම පරිච්ඡේදයක් පටන් ගන්න පෙරුම් පිරූ යුවලකට අත් වුණු ඛේදජනක කතාවක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රේමයෙන් පටන් ගෙන විවාහයෙන් අවසන් වෙන ආදර කතා මේ ලෝකේ අපමණයි.

ඒත් විවාහ වෙලා නොබෝ දිනකින්ම තමන්ගේ දෑස් ඉදිරිපිටම සැමියා‍ මිය යාම බිරිඳකට කොතරම් වේදනාවක් ගෙන දෙන සිදුවීමක්ද?

මේ ජීවිතයේ සුන්දරතම පරිච්ඡේදයක් පටන් ගන්න පෙරුම් පිරූ සුන්දර යුවලකට අත් වුණු ඛේදජනක කතාවක්.

හිමන්ෂි සෝවාමි සහ ලුතිනන් විනයි නර්වාල් අතිනත ගත්තේ මේ මාසේ 16 වැනිදායී.

ඔවුන් තමන්ගෙ මධුසමය ගත කරන්න ගියේ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට යනවා.

ඒත් විවාහ ජීවිතය පිළිබඳ අපමණ සිහින වලින් පිරුණු ඇගේ හදවත දරුණු ලෙස බිඳී ගියේ මේ ගමනේදී ඇගේ සැමියා මියයාමත් සමඟයි.

ඒ ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශයේ සංචාරකයින් පිරිසක් ඉලක්ක කර සිදුවූ වෙඩි තැබීමකින්.

හිමන්ෂිගේ සැමියා වන ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් විනයි නර්වාල් මේ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය යනවා. ‍

මේ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 26 දෙනෙකුට ජීවිත අහිමි වුණා.

මේක කතාව හරිම අනුවේදනීය කතාවක්.

හිමන්ෂියි නර්වාලුයි එයාලගේ මධුසමයට යන්න හිටියේ ස්විට්සර්ලන්තයේ.

ඒත් වීසා ප්‍රමාදයක් නිසා ඒ සැලසුම් වෙනස් වුණ බවයි ඔවුන්ගේ සමීපතමයින් සඳහන් කරන්නේ.

World News

Send your contact Details Today