Latest News

දළදා වඳින්න ආපු අය ගැන AI ගණනය කිරීමේ ක්‍රමයකින් සුවිශේෂී දෙයක් සොයා ගනියි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලක්ෂ දහයකට අධික බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා ගෙවුණු දින 10 තුළ මහනුවරට පැමිණ තිබුණත්, දළදා වහන්සේ වැදපුදාගැනීමට හැකිව ඇත්තේ ලක්ෂ හයක පමණ බැතිමතුන් පිරිසකට පමණක් බව ආරක්ෂක අංශ සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ මධ්‍යම පළාත් ශාඛාව මගින් කෘත්‍රිම බුද්ධිය (AIතාක්ෂණය) උපයෝගි කර ගනිමින් සිදුකළ ගණනය කිරීමේ දී මෙම තොරතුරු අනාවරණය වුණා.

පසුගිය (17 වැනිදා) සිට ඊයේ 27 වැනිදා දක්වා දින දහයක් පුරා සිරි දළදා වන්දනාව පැවැති අතර මේ සඳහා දිවයිනේ සතර දෙසින්ම විශාල පිරිසක් මහනුවර ට පැමිණ තිබුණා.

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය වූ ඊයේ දින පමණක් හැත්තෑ හයදහසක බැතිමතුන් පිරිසක් දළදා වන්දනාව සිදුකර තිබුණු අතර වන්දනා වාරය ඊයේ පස්වරු 5.30 ට පමණ අවසන් වූයේ පෝලිම්වල රැඳී සිටි දහස් ගණනකගේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ බලාපොරොත්තු සුන් කරමින්.

මේ අතර ලක් ඉතිහාසයේ සිදු වූ විශාලතම මහජන ඒකරාශී වීමේ පිංකම “සිරි දළදා වන්දනාව” සාර්ථකව නිම කළ බවට මල්වතු-අස්ගිරි පාර්ශවයන්හි අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා සහ ගරු දියවඩන නිලමේතුමන්ගේ අත්සනින් යුතුව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කෙරුණා.

World News

Send your contact Details Today