Latest News

මෝදිට, නෙතන්යාහුගෙන් දුරකතන ඇමතුමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකතන සංවාදයක් සිදුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාරය හෙළා දකිමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු X සමාජ මාධ්‍යජාලයේ සටහනක් ද තබා ඇති අතර, කාශ්මීරයේ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බවත්, ඉන්දීය ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කරන බවත් එහි සඳහන් කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

රාජ්‍ය නායකයන් දෙදෙනා අතර සිදුවූ දුරකතන සංවාදයේදි කාශ්මීරයේ සංචාරකයන්ට සිදුවූ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධව ඉන්දීය අගමැතිවරයා ඊශ්‍රායල අගමැතිවරයා දැනුම්වත් කළ බව ද එරට මාධ්‍ය සඳහන් කළා.

ලෝක රාජ්‍ය නායකයන් රැසක් ද මේ ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇතැයි ද, දේශසීමා ත්‍රස්තවාදය තුරන් කිරීමේ වැදගත්කම පිළිබඳ ඉන්දීය අගමැතිවරයා විසින් ඊශ්‍රායල අගමැතිවරයාට කරුණු සඳහන් කළ බව ද වාර්තා වනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් සඳහන් කර ඇත්තේ කාශ්මීරයේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධකරුවන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් නොපමාව නීතිය හමුවට පමුණුවන බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කළ බවයි.

World News

Send your contact Details Today