Latest News

යුක්‍රේන – රුසියා යුද්ධයට යැවූ උතුරු කොරියානු හමුදාව ගැන විශේෂ අනාවරණයක්

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේන – රුසියා යුද්ධය වෙනුවෙන් තම හමුදා යැවූ බව උතුරු කොරියාව තහවුරු කරනවා.

ඒ අනුව යුක්‍රේනයට එරෙහිව රුසියාව වෙනුවෙන් සටන් කිරීමට හමුදා යැවූ බව උතුරු කොරියාව ප්‍රථම වරටයි මෙළෙස තහවුරු කර ඇත්තේ.

රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සියක් වන KCN ඒ හි වාර්තාවක දැක්වෙන්නේ උතුරු කොරියා නායක කිම් ජොන් උන් විසින් දෙන ලද නියෝගයකට අනුව මෙලෙස සිදු කර ඇති බවයි.

තම සොල්දාදුවන් රුසියානු හමුදාවන්ට කර්ස්ක් දේශසීමා කලාපය “සම්පූර්ණයෙන්ම නිදහස් කර ගැනීමට” උදව් කළ බව උතුරු කොරියා හමුදාව කියා සිටිනවා.

රුසියානු මාණ්ඩලික ප්‍රධානී වැලරි ජෙරසිමොව් උතුරු කොරියා හමුදාවල “වීරත්වය” පිළිබඳ ප්‍රශංසා කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම ප්‍රකාශය නිකුත්වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today