Latest News

රන් මිල අහස උසට – ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රන් පවුමක මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වී ඇති බව ස්වර්ණාභරණ නිපැයුම්කරුවන් සහ ව්‍යාපාරිකයන් කියා සිටිනවා.

එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ කැරට් 24 රන් පවුමක් රුපියල් දෙලක්ෂ හැට අට දහසකටත් (268,000), කැරට් 22 රන් පවුමක් රුපියල් දෙලක්ෂ හතලිස් අටදාහක් (248,000) දක්වා ඉහළ යෑම නිසා තම ගණුදෙණුකරුවන් රන් ආභරණ මිළදී නොගන්නා බවයි.

තම වෙළදසැල් වල සේවය කරන ස්වර්ණාභරණ නිපැයුම්කරුවන්ගේද ආදායම් තත්වය පහළ වැටී ඇති බවත්, ඇතැම් දේශීය ආයෝජකයන් රන් බිස්කට් සදහා මුදල් ආයෝජනය කිරිමත්, යුරෝපීය රටවල පවතින යුධමය තත්වයත් හමුවේ රන් පවුමක මිල ඉහළ යෑමට හේතු වී ඇති බවයි එම ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

තවද, ලබන මස සිට විවාහ වීමට නැකැත් තිබුණද එම විවාහ මංගල්‍ය උත්සව සදහා රන් ආභරණ මිලදී ගැනීම විශාල ලෙස අඩු වී ඇති බවයි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් වැඩිදුරටත් කියා සිටියේ.

World News

Send your contact Details Today