යුක්රේන ජනාධිපති වොලිදිමියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍යයට සමගාමීවයී.
මෙහිදි යුක්‍රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඇති කැමැත්ත පිළිබඳ ට්‍රම්ප් විසින් යුක්රේන ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම හමුව විනාඩි 15 ක පමණ කාලයක් පැවති අතර, එය වඩා ඵලදායී බව විදෙස් වාර්තා පෙන්වා දුන්නා.