Latest News

2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමි වූ තැන

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියේ මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ ඉසව්ව මැයි 10 සහ 11 යන දෙදින චීනයේ ගුවැන්ෂු හිදී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, එක්සත් ජනපදය වැනි ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී වන මිශ්‍ර 400×4 සහය දිවීමේ ඉසව්වේ 3:15.41 ක කාලය මත පදනම්ව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කර තිබෙනවා.

මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, සදෙව් රාජකරුණා, හර්ෂනි ප්‍රනාන්දු, ලක්ෂිමා මෙන්ඩිස් සහ නදීෂා රාමනායක විසින්.

World News

Send your contact Details Today