Latest News

දියවැඩියාවට දෙන ඖෂධයක් තවත් රෝගයකට දෙන බව හෙළිවෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දියවැඩියාව සඳහා බහුලවම නිර්දේශිත ඖෂධයක්, සන්ධි වේදනා සදහා ද සහනය ලබා දෙන බව අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලය විසිනුයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

වසරකට මිලියන 6 කට අධික Prescription ප්‍රමාණයක් දියවැඩියා බෙහෙත් වර්ග 2 ක් රෝගීන් සදහා නිර්දේශ කෙරෙනවා.

දියවැඩියාව නොමැති නමුත් අධික බරින් යුක්ත සහ ආතරයිටිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මෙම අත්හදා බැලීමට සම්බන්ධ කර ගැනීමටයි සමීක්ෂණ කණ්ඩායම් පියවර ගෙන තිබුණේ.

එහිදී එම කණ්ඩායම් දෙක සදහා බෙහෙත් වර්ග දෙකක් ලබා දී තිබෙනවා.

ඒ අනුව අධික බර ඇති පුද්ගලයින් තුළද සන්ධි වේදනා අවම කිරීමට වර්ථමානයේ සුලභවම භාවිත වන ඖෂධයක් උපයෝගී වන බව අනාවරණ කර ගැනීමට සමීක්ෂකයින් සමත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today