Latest News

පාකිස්තාන ගගනගාමියෙක්, විශේෂ වාර්තාවකට සූදානම් වෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉහළ අහසේ ආධිපත්‍යය සඳහා එක්සත් ජනපදය සමඟ වැඩෙන සටනක් මධ්‍යයේ චීනය අභ්‍යවකාශ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වේගවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පාකිස්තාන ගගනගාමියෙකු, චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු විදේශීය ජාතිකයා ලෙස එහි යැවීමට චීනය තීරණය කර තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

තවමත් මෙම පාකිස්තානු ගගනගාමියා තෝරාගෙන නැති නමුත් මෙම මෙහෙයුම හරහා චීන – පාකිස්තාන සමීප අභ්‍යවකාශ සබඳතා දැඩිකිරීමට අපේක්ෂා කෙරෙනවා.

පසුගිය වසරේ පාකිස්තානය, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය, ප්‍රංශය සහ ඉතාලියේ සහාය සමඟ චීනයේ චන්ද්‍ර ගවේෂක යානයෙන් චන්ද්‍රයා වෙත චන්ද්‍රිකාවක් යවා ඇති බව චීන රාජ්‍ය ජනමාධ්‍ය වාර්තා කළා.

1998 දී දියත් කරන ලද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අමතරව, දැනට ක්‍රියාත්මක වන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන්නේ ටියැන්ගොං යි.

2021 දී ක්‍රියාත්මක වීමට පටන් ගත් දා සිට, එය චීන ගගනගාමීන්ට පමණක් සත්කාරකත්වය ලබා දී තිබීම විශේෂත්වයක් වනවා.

World News

Send your contact Details Today