Latest News

ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයන්ට, රටින් පිටවීමට පැය 48ක කාලයක් දෙයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයන්ට රටින් පිටවීමට පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා.

ඒ සාක් වීසා නිදහස් කිරීමේ යෝජනා ක්‍රමය යටතේයී.

සාක් වීසා නිදහස් කිරීමේ ක්‍රමය යටතේ පාකිස්තාන ජාතිකයන්ට ඉන්දියාවට පැමිණීමට අවසර නොදෙන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

කාශ්මිරයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සිද්ධිය වාර්තා වීමත් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අදාළ අංශවල නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ රැසක්වීමක් කැඳවීමට පියවර ගත්තා.

එහිදී ගත් තීරණයකට අනුවයි සාක් වීසා නිදහස් කිරිමේ යෝජනා ක්‍රමය යටතේ ඉන්දියාවේ සිටින පාකිස්තාන ජාතිකයන්ට රටින් පිටවීමට පැය 48ක කාලයක් ලබාදී තිබෙන්නේ.

World News

Send your contact Details Today