Latest News

ට්‍රම්ප්ට එරට ජනතාවගෙන් යළි විරෝධයක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට විරෝධය පළ කරමින් එරට දහස් ගණනක ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වනවා.

”‍විරෝධතා 50ක්, ප්‍රාන්ත 50ක්, 1 ව්‍යාපාරයක්”‍ යන තේමාව යටතේ ෆිෆ්ටි ෆිෆ්ටි වන් ලෙස නම් කර ඇති මෙම විරෝධතා මාලාව ඇමරිකානු විප්ලවවාදී යුද්ධයේ ආරම්භයේ 250 වන සංවත්සරයට සමගාමීව පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය මාසයේදී හෑන්ඩ්ස් ඕෆ් යනුවෙන් ඇමරිකාවේ ප්‍රාන්ත 50 ඇතුලුව තවත් ස්ථාන 1,200 ක සහ බ්‍රිතාන්‍යයේ – ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නුවර සහ ජර්මනියේ බර්ලින් නුවර ජනතාව විසින් ට්‍රම්ප් පරිපාලනයට විරෝධය පළ කරමින් විරෝධතා පවත්වා තිබුණා.

World News

Send your contact Details Today