Latest News

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වූ බව සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය අදයි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශුද්ධ වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබෙනවා.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන වූ බව සිහිපත් කරමින්, එය සැමරෙන්නේ මෙම පාස්කු ඉරිදා දිනයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගසේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබනවා.

ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත්පිළිවෙත් සිදුකරන අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වනවා.

ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ව තිබෙනවා.

පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන ආගමික වැඩසටහනක් වන අතර පාස්කු ඉරිදා දිනය සමග බැඳුණු විවිධ සම්ප්‍රදායන් ලොව පුරා පවතිනවා.

ලෝවාසී කිතුනුවන් උත්සවශ්‍රීයෙන් පාස්කු ඉරිදාව සැමරුවද මෙරට කිතුනුවන්ට පාස්කු ඉරිදාව අමිහිරි අත්දැකීමක් සමුදායක් මතකයට නැගෙන දිනයක්.

ඒ, 2019 වසරේ පාස්කු ඉරිදා දින මෙරට ක්‍රිස්තියානි දේවස්ථාන තුනක් සහ කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගෙන සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන්.

මේ අතර, අද දිනයේදීත් දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.

ඒ අනුව, මේ සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් රාජකාරීයේ යෙදීමටයි කටයුතු කර ඇත්තේ.

World News

Send your contact Details Today