Latest News

මෙම වසරේ මුල් මාස දෙක තුළදී ලංකාවේ ප්‍රධාන බෝග දෙකක නිෂ්පාදනය පහළට

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මෙම වසරේ මුල් මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්,රබර්, නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා.

වියළි කාලගුණය හේතුවෙන් පෙබරවාරි මාසයේදී තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 15.6ක් දක්වා පහත වැටි තිබෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.

රබර් නිෂ්පාදනය ද පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී කිලෝග්‍රෑම් මිලියන 5.3ක් දක්වා පහත වැටි තිබෙනවා.

මහා බැංකුව සඳහන් කළේ පොල් නිෂ්පාදනය ද පෙබරවාරි මාසයේදී ගෙඩි මිලියන 178.1ක් දක්වා පහත වැටි ඇති අතර පසුගිය වසරේ එම කාලයේදී පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 260.5ක් බවයි.

World News

Send your contact Details Today