Latest News

අද IPL තරගයකට සංජු සැම්සන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වෙයි

Published 10 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (19) රාත්‍රියේ ලක්නව් සුපර් ජෑන්ට්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයට ආරම්භක පිතිකරු සංජු සැම්සන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවට වාර්තා වනවා.

ඒ මෙම සතිය මුල දී ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරගය අතරතුර දී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

මේ වන තෙක් ඔහුගේ පරීක්ෂණයේ ස්කෑන් වාර්තාව ලැබී නොමැති බැවින් ක්‍රීඩා කිරීමට හැකි වේ දැයි අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වනවා.

සංජු සැම්සන්ගේ උදර ප්‍රදේශයේ මෙම වේදනාව හටගෙන තිබෙනවා.

රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් පැවසුවේ ස්කෑන් පරීක්ෂණ කිහිපයකට සංජු ගිය බවත් මෙතෙක් එහි වාර්තා ලැබී නොමැති බැවින් හෙට පෙරවරුව තෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවයි.

World News

Send your contact Details Today