Latest News

පාකිස්තානය තුළ දරුණු රෝගයක් යළි හිස එසවීමක් ගැන අනතුරු ඇඟවීමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය 2024 වර්ෂයේ සිට පෝලියේ රෝගීන් වර්ධනය වීම වළක්වා ගැනීමට ගත හැකි සාධනීය සෞඛ්‍ය පියවර ගනිමින් සිටියදී යළිත් එම රෝගය හිස එසවීමේ අවදානමක් පවතින බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2024 වර්ෂයේ පෝලියෝ රෝගීන් 74 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම වසරේ දී මේ දක්වා එම ගණන මාස කිහිපය තුළ පමණක් 06ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මෙම වසරේ එරට තුළ අනතුරු ඇඟවීම් පෝලියෝ රෝගය සම්බන්ධයෙන් නිකුත් කර තිබෙනවා.

ෆෙඩරල් රජය අප්‍රේල් 21 වන දින සිට තවත් පෝලියෝ විරෝධී ව්‍යාපාරයක් සඳහා සූදානම් වන විට, එන්නත් ප්‍රතික්ෂේප කිරීමේ රෝගීන්ගේ කරදරකාරී වැඩිවීමක් ද වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ.

එය රට පුරා 44,000ක් බවත් කරච්චි නුවරින් පමණක් එය 34,000ක් පමණ වන බවත් සඳහන්.

එමෙන්ම සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ කරච්චිය තුළ පමණක් පෝලියෝ එන්නත්කරණයට අකමැති ප්‍රමාණය සියයට 80ක් පමණ වන බවයි.

මෙයින් 15,000 ක් උර්දු භාෂාව කතා කරන නිවාසවලින් සහ 10,000ක් පැෂ්ටෝ භාෂාව කතා කරන පවුල්වලින් පැමිණෙන බවට ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය මුස්තාෆා කමල්ගේ නිවේදනයක සඳහන්.

World News

Send your contact Details Today