Latest News

දිය නෑමට ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා

ඊයේ එනම් 2025.04.15 සවස් කාලයේ එම සිදුවීම වාර්තා වූ බව පානම පොලීසය පැවසුවා.

අතුරුදන් වූ තරුණයින් අවුරුදු 23 වයසේ පසු වූ මධ්‍යම පානම, පානම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

පානම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර හික්කඩුව පොලිස් වසමේ හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේදී විදෙස් ජාතික යුවළක් දියවැළකට හසු වී මුහුදෙහි ගසාගෙන යමින් සිටියදී බේරාගෙන තිබෙනවා.

හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂක හේවගේ, උප පොලිස් පරීක්ෂක දේශප්‍රිය, පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 27794 බණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 101510 අදීෂ යන නිලධාරීන් විසින් ඔවුන්ව බේරාගෙන තිබෙනවා.

අනතුරින් බේරාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 47ක් වන අතර කාන්තාව වයස අවුරුදු 46ක් වන රුසියානු ජාතික අඹු සැමි යුවළක්.

World News

Send your contact Details Today