සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ තවත් සුවිශේෂී නැකැත් චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද එනම් 2025.04.16 දින පෙරවරු 09.04ට යෙදී තිබුණා.
කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොලොන්පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.
මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල භූමියේදී මේවන විට පැවැත්වෙනවා.