Latest News

ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා නව තීරු බදු ගැන කවුරුත් නොසිතූ තීරණයක් ට්‍රම්ප් ගනියි

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.

නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස්ද මෙන්ම සංචාරක උපාංගද ඇතුළත් වනවා.

මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත මතු කරන ලද කරුණු දැක්වීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ‍

නව තීරුබදු අනුව අමෙරිකාවේ I Phone සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ මිල තුන් ගුණයකින් පමණ ඉහළ යාමට ඉඩ තිබූ බවයි මින් පෙර විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ.

ඊට හේතුව වන්නේ අමෙරිකාවේ අලෙවියට තබා ඇති I Phone ජංගම දුරකථනවලින් 80%ක් පමණ චීනයේ නිෂ්පාදිත බැවින් සහ ඉතිරි 20% ඉන්දියාවේ නිෂ්පාදිත බැවිනුයි.

World News

Send your contact Details Today