Latest News

දඩ කොළ ඔන්ලයින් ගෙවීමට අවස්ථාව

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව රජය විසින් හඳුන්වාදී තිබෙන GovPay ඇප් එක හරහා මෙම ගෙවීම් සිදුකළ හැකියි.

කුරුණෑගල සිට අනුරාධපුර දක්වා මාර්ගයේ ස්ථාන 11කදී මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව මේ මස 30 වනදා දක්වා එය ක්‍රියාත්මක බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම හඳුන්වාදීම පසුගිය පෙබරවාරි 7 වනදා සිදු කළා.

World News

Send your contact Details Today