Latest News

ශ්‍රී ලංකාවේ හිසට වහළක් නැති අය ගැන ජන හා නිවාස සංගණන වාර්තාවෙන් හෙළි වූ දේ

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුද්ගලයන් 2,281 දෙනෙකු හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත්වන බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති ජන හා නිවාස සංගණනය පිළිබඳ (2024) වාර්තාවේ සඳහන් වනවා.

මෙකී පුද්ගලයන් සාමාන්‍ය පදිංචි ස්ථානයක් නොමැතිව එළිමහනේ ජිවත්වන බවද එම වාර්තාවේ සඳහන්.

හිසට වහළක් නොමැතිව එළිමහනේ ජිවත් වන පුද්ගලයන් අතුරින් 841ක් වූ වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ බස්නාහිර පළාතෙන් වනවා.

මින් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 536 දෙනෙකු එළිමහනේ ජීවත්වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ එළිමහනේ ජිවත්වන සංඛ්‍යාව 229ක්.

හිසට වහළක් නොමැතිව එළිමහනේ ජීවත්වන අඩුම පුද්ගලයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ නැගෙනහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 73ක්.

එමෙන්ම උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හිසට වහළක් නොමැති පුද්ගලයන් කිසිවෙකු හෝ වාර්තා වී නොමැති බවද මෙම වාර්තාවේ සඳහන් වනවා.

World News

Send your contact Details Today