Latest News

SL vs ENG Test Match: ලංකාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 03කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා.

තරග තුනකින් යුත් ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 21වැනිදා මැන්චෙස්ටර්හිදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා තරගාවලිය සඳහා නම්කළ එංගලන්ත සංචිතය පහතින්…

බෙන් ස්ටෝක්ස් (නායක), ගස් ඇට්කින්සන්, ෂොයිබ් බෂීර්, හැරී බෘක්, ජෝර්ඩන් කොක්ස්, බෙන් ඩකට්, ඩෑන් ලෝරන්ස්, ඔලී පෝප්, මැතිව් පොට්ස්, ජෝ රූට්, ජේමී ස්මිත්, ඔලී ස්ටෝන්, ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්

එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත්කළ මෙම සංචිතයෙන් ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉවත්කර තිබෙන අතර ඒ වෙනුවට නවක පිතිකරුවෙකු වන 23 හැවිරිදි ජෝර්ඩන් කොක්ස් කැඳවා තිබෙනවා.

World News

Send your contact Details Today