Latest News

කුරුණෑගල ඉන්ධන පිරවුම්හළේ ගින්නෙන් මිය ගිය අය ගැන තොරතුරු හෙළිවේ (NEW PHOTOS)

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ එම ස්ථානයේ සිටි කළමනාකරු ඇතුළු සිව්දෙනෙකුටයි.

ඊයේ (07) රාත්‍රි 11ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තුවාල ලැබූ පුද්ගලයින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

මේ වන විට කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව පොලීසිය පැවසුවා.

ඊයේ රාත්‍රියේ ගෑස් පිරවීම සඳහා පැමිණි ලොරි රථයකට ගෑස් පුරවන අතරතුර ලීටර් 6,000ක් අඩංගු ගබඩා දෙකකින් එකක් පුපුරා යෑමෙන් ගින්න හටගෙන තිබුණා.

පුපුරා නොගිය ලීටර් 6,000ක් අඩංගු ගෑස් ටැංකිය නගර සභා සේවකයින් විසින් මහත් වෙහෙසක් දරා වසා දමා ඇති එයින් සිදුවීමට ගිය හානිය තරමක් අවම වූ බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

PHOTO COURTESY: Accident First

World News

Send your contact Details Today