Latest News

අමෙරිකාවේ රාජ්‍ය සේවක කප්පාදුවක්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ දේශීය ආදායම් සේවා දෙපාර්තමේන්තුවේ රජයේ සේවකයින් 20,000ක් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අමෙරිකාවේ අගනුවර වන වොෂින්ටනහි මෙම දේශීය ආදායම් සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙනවා.

මෙම දෙපාර්තමේන්තුව යටතේ රට පුරා සේවකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් කටයුතු කරනවා.

මේ අතර, ජනාධිපති ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු රටේ විවිධ රජයේ දෙපාර්තමේන්තුවල සේවක කප්පාදුවක් සිදු කෙරෙමින් පවතිනවා.

ඒ අනුව, පසුගිය ජනවාරි මාසයේදී මෙම දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 10,000කට වැඩි පිරිසක් ඉවත් කළ නමුත් අධිකරණ නියෝගයකින් පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නැවත සේවයට එක්වුණා.

මෙවන් පසුබිමක, දැන් තවත් සේවකයින්ගෙන් සියයට 20ක් ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ තුළින් සේවකයින් 20,000ක් පමණ ඉවත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් අදාළ සේවකයින්ට විද්‍යුත් තැපෑල ඔස්සේ දැනුම්දීම් යවා තිබෙනවා.

එමෙන්ම, මෙම සේවක කප්පාදුව ලබන මාසයේ (මැයි) මැද භාගයේදී ක්‍රියාත්මක වන බව වයිට් හවුස් නිවේදනය කර තිබෙනවා.

මේ අතර, ට්‍රම්ප් සහ ඉලෝන් මස්ක්ට එරෙහිව ඇමෙරිකාවේ දහස් ගණනින් ජනතාව වීදිවල විරෝධතා පවත්වමින් සිටිනවා.

World News

Send your contact Details Today