Latest News

Paris 2024 Olympics: වසර 20කට පසුව අමෙරිකාවට 100m පිරිමි ඉසව්වේ රන් පදක්කමක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ ජය වාර්තා කිරීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත් වුණා.

එහිදී ඔහු වාර්තාකළ කාලය තත්පර 9.784 ක්.

නෝවා ලයිල්ස්ගේ මෙම ජයග්‍රහණය එම ඉසව්වෙන් වසර 20කට පසු අමෙරිකාවට හිමිවූ පළමු රන් පදක්කමද වෙනවා.

මින් පෙර මෙම ඉසව්වේ රන් පදක්කම ජස්ටින් ගැට්ලින් විසින් 2004 ඔලිම්පික් උළෙලේදී අමෙරිකාව වෙනුවෙන් හිමිකරගනු ලැබුවා.

මෙම ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ජැමෙයිකාවේ කිෂාන් තොම්සන් සමත් වූ අතර ඔහු වාර්තාකළ කාලය තත්පර 9.789ක්.

මේ අතර ඔලිම්පික් මීටර් 400 මූලික වටයේ තරගයට එක්වූ අරුණ දර්ශන වසර 24කට පසු එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වීමට ඊයේ (04) සමත් වුණා.

තත්පර 44.99ක කාලයක් ගත කොට ක්‍රීඩකයන් 46කින් 17 වැනි ස්ථානයට ඔහු පත්වුණා.

ඔහු සහභාගි වන මීටර් 400 අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11. 05ට පැවැත්වීමට නියමිතයි.

World News

Send your contact Details Today