Latest News

දිල්ලිය ඇතුළුව ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට අද සහ හෙට ගැන අනතුරු ඇඟවීමක්

Published 8 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවනවා.

ඒ අනුව අද (07) සහ හෙට (08) යන දෙදින තුළ දී දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 42ත් අතර අගයක් ගත හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

දිල්ලි නගරයට අමතරව උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 7කට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, හර්යානා හා හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත ඊට අයත්.

පෙරේදා (05) දිනයේදී ද ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තිස් අටත් හතලිහත් අතර අගයක් ගෙන තිබූ අතර අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ත් 20ත් අතර සටහන් වූවා.

එමෙන්ම අප්‍රේල් 08 වෙනිදායින් පසුව තාප තරංගයන්හි බලපෑම අවම වනු ඇති බවයි කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today