Latest News

ප්‍රවීණ බොලිවුඩ් නළුවෙකු ජීවන ගමනට සමුදෙයි

Published 11 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ප්‍රවීණ බොලිවුඩ් නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන මනෝජ් කුමාර් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මුම්බායිහි දී ඔහු මිය යනවිට 87 හැවිරිදි වියේ පසු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කුමාර් දිගු කලක් සෞඛ්‍ය ගැටළු සමඟ පොරබදමින් සිටි බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පැවසුවේ.

මනෝජ් කුමාර් දිරුබායි අම්බානි රෝහලට ඇතුළත් කර සිටිය දී අද (04) අලුයම 3:30 ට හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

1937 දී ඉන්දියාවේ ඇබොටාබාද් හි උපත ලැබූ මනෝජ් කුමාර් 1957 දී ෆැෂන් චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසියා.

මනෝජ් කුමාර් 1992 වසරේ දී පද්ම ශ්‍රී පදවිය, 1999 දී ෆිල්ම් ෆෙයාර් ජීවිත කාලය සඳහා වන සම්මානය සහ 2015 දී දාදාසාහෙබ් ෆාල්කේ සම්මානයෙන් ද පාත්‍ර වුණා.

World News

Send your contact Details Today