ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවනු ලැබූ නව තීරුබදුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා බ්‍රිතාන්‍ය රජය අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ ලැයිස්තුවක් සකස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ට්‍රම්ප්ගේ ගෝලීය ආර්ථික ප්‍රතිපත්තියට දැඩි ප්‍රතිචාර දැක්විය හැකි ඕනෑම ආකාරයක භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමේදී එය බ්‍රිතාන්‍යයේ වෙළෙඳ සමාගම්වලට බලපෑම් සිදුවන ආකාරය පිළිබඳවත් බ්‍රිතාන්‍ය රජය අධ්‍යයනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
අමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනැවීමේදි බ්‍රිතාන්‍ය සමාගම්වල අදහස් විමසීමට ද බ්‍රිතාන්‍ය රජයේ අවධානය යොමුවී ඇතැයි ද, තීරුබදු පැනැවිය හැකි අමෙරිකානු භාණ්ඩ සම්බන්ධව ලබන මැයි මස 1 වැනිදා දක්වා බ්‍රිතාන්‍ය ආනයන සමාගම්වලින් අදහස් ලබාගැනීමට ද බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙන බවත් වාර්තා වනවා.
බ්‍රිතාන්‍ය නිෂ්පාදන සඳහා අමෙරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු ඉවත් කරන්නේ නම් එවැනි ක්රියාමාර්ගයකින් වැළකී සිටීමට හැකියාව ඇතැයි බ්‍රිතාන්‍ය ව්‍යාපාර ලේකම් ජොනතන් රෙනෝල්ඩ්ස් ප්‍රකාශ කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජය වඩාත් සුදුසුයැයි සලකන අමෙරිකානු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කර ඇතැයි ද, අමෙරිකානු විස්කි, ගිටාර් ඇතුළු නිෂ්පාදන රැසක් කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ද වාර්තා වනවා.