Latest News

මිලියන 1.5කින් වැඩිවන රුසියානු හමුදාව

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් එරට හමුදාවේ ප්‍රමාණය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඒ සඳහා වයස අවුරුදු 18-30 අතර තරුණයින් 160,000ක් කැඳවා ඇති බවයි.

එය 2011 වසරෙන් පසු රුසියාවට බඳවා ගැනීමට නියමිත වැඩිම හමුදා භටයින් සංඛ්‍යාව ද වේ.

රුසියාව සිය හමුදාවේ සමස්ත ප්‍රමාණය මිලියන 2.39කට ආසන්න ප්‍රමාණයකට සහ ක්‍රියාකාරී හමුදා භටයින් සංඛ්‍යාව මිලියන 1.5 දක්වා වැඩි කළ යුතු බව රුසියානු ජනාධිපතිවරයා පවසුවා.

එය ඉදිරි වසර තුන තුළ 180,000ක වැඩිවීමක් වන අතර රුසියාව එය “විශේෂ හමුදා මෙහෙයුම” ලෙස හඳුන්වා තිබෙනවා

යුක්‍රේනය සමඟ පවතින යුදමය තත්ත්වය සඳහා මෙම හමුදා භටයින් යොමු නොකිරීමට රුසියානු ජනාධිපතිවරයා තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

World News

Send your contact Details Today