Latest News

මරණයෙන් කෙළවර වූ සහෝදර පෙම

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුදල් ආරවුලක් මත සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ එනම් 2025.04.01 දින එම සිදුවීම වාර්තා වී තිබුණේ ජාඇළ පොලිස් වසමේ ඒකල ශාන්ත මැතිව් මාවත ප්‍රදේශයේ.

එලෙස මියගොස් ඇත්තේ ශාන්ත මැතිව් මාවත, ඒකල ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඒකල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

World News

Send your contact Details Today