Latest News

අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි.

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දොඩංගොඩ ගැලනිගම අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට 25.5 කිලෝමීටර කණුව අසලදී වාහන කිහිපයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ලොරි රථ දෙකක්, සුඛෝපභෝගි වෑන් රථයක් සහ කාර් රථයක් අනතුරට ලක්වූ වාහන අතර වෙනවා.

මාතර දෙස සිට කොළඹ දෙසට හාල් රැගෙන ගිය ලොරි රථයක් ගමන් කරමින් තිබියදී ලොරි රථයේ දකුණු පිටුපස විදේශිකයන් රැගත් සුඛෝපභෝගී වෑන් රථය ගැටී තිබෙනවා.

ඒ සමගම පිටුපසින් පැමිණි කාර් රථය ද වෑන් රථයේ ගැටී ඇති අතර, අනතුරින් ආරක්ෂිත වැටට ද හානි සිදුව තිබෙනවා.

අනතුරින් විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි ද වාර්තා වෙනවා.

World News

Send your contact Details Today