Latest News

ජපානයට ප්‍රබල භූකම්පනයක අනතුරු ඇඟවීමක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8ත් 9ත් අතර අගයක් ගත හැකි බව ද එම වාර්තාවල සඳහන්.

ජපාන රාජ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම භූකම්පනය ඇති වීමේ ඉඩ 80%ක් බවයි.

එම භූකම්පනයෙන් ජීවිත 300,000ක් පමණ අහිමිවිය හැකි බව ද අදාළ වාර්තා හෙළිදරව් කර තිබෙනවා.

මෙම භූකම්පනය පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇතිවිය හැකි බවට ද පුරෝකථනය කර තිබෙනවා.

එම භූකම්පනය ඇති වුවහොත් ජපානයට සූනාමි තත්ත්වයක්ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය හැකි බවත් අදාළ වාර්තා සඳහන් කර තිබෙනවා.

භූකම්පනය හේතුවෙන් ජපානයේ ආර්ථිකයට ඩොලර් ට්‍රිලියන 1.81ක් පමණ අහිමි විය හැකි බවද අදාළ වාර්තාවල සදහන් වෙනවා.

World News