වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අද දින එනම් 2025.04.01 දින පෙරවරුවේ රඹුක්කන සිට කොළඹ කොටුව බලා පැමිණි දුම්රියේ එංජිමේ මෙලෙස කාර්මික දෝෂයක් හටගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා
මේ වන විට එම දුම්රිය රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ඇති බව සඳහන්.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වී ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.