Latest News

උප දුම්රිය ස්ථානවල සහන සේවා කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු ඉවත් වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද දින එනම් 2025.03.31 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සෘජු වශයෙන් බලපා ඇති ගැටළු කඩිනමින් විසඳීමට පියවර නොගැනීම සහ දුම්රිය ස්ථානාධිපති සේවයේ දැනට පවතින අධික පුරප්පාඩු පිරවීමට නවක බඳවා ගැනීම් කඩිනම් නොකිරීමට විරෝධය පළ කරමින් එම සංගමය මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ගයන්වල පළමු පියවර ලෙස මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

World News

Send your contact Details Today