මේ වසරේ ඔලිම්පික් ක්රීඩා උළලේ පළමු රන් පදක්කම දිනා ගනිමින් ලොව වේගවත්ම ක්රීඩිකාව බවට පත් වීමට ජූලියන් ඇල්ෆ්රඩ් සමත් වුණා.
ඇය එම පදක්කම දිනාගනු ලැබුවේ මීටර් 100 ධාවන ඉසව්වේ ඊයේ (03) රාත්රියේ පැවති තරඟයෙන්.
එහිදී ඇය තත්පර 10.72ක කාලයක් වාර්තා කරමින් ධාවන තරගයෙන් පළමු තැන දිනා ගැනිමට සමත් වුණා.
ජූලියන් ඇල්ෆ්රඩ් 2024 පැරිසියේදී ඔලිම්පික් මීටර් 100 කාන්තා ශූරතාවය ලබාගත්තේ, ශාන්ත ලුසියා හී පළමු පදක්කම් ලාභියා බවට ඉතිහාසගත වෙමින්.
මීට පෙර මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය ලෙස සැළකුණේ ඇමරිකාවේ ශකාරි රිචඩ්සන්.
මෙම තරඟයේදී ෂාකාරි රිචඩ්සන් රිදී පදක්කම දිනාගත් අතර ඇය දෙවන ස්ථානයට පත් වූයේ තත්පර 10.87ක තියුණු සටනක් ලබා දෙමින්.
එම ඉසව්වේ ලෝකඩ පදක්කම අමෙරිකාවේ මෙලීසා විසින් දිනාගනු ලැබුවා.
ඇයට තරගය අවසන් කිරීමට ගතවූ කාලය තත්පර 10.92ක්.
ජූලියන් ඇල්ෆ්රඩ් මෙම පදක්කම දිනාගැනීමත් සමග කැරිබියන් දූපත් හි ක්රීඩකයන් දිනාගත් පළමු පදක්කමට හිමිකම් කීමට ද සමත්වුණා.