නඩු තුනක් සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ අනුව චාමර සම්පත් දසනායකව අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඊයේ (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා.
ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මතමුදා හැරීමට නියම කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර තිබෙනවා.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා.