බොලීවියාවට අයිස් වැස්සක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කුණාටු තත්ත්වයක් සමඟ මෙම අයිස් වැස්ස හටගත් බවයි බොලීවියා මාධ්‍ය වාර්තා කරන්නේ.
බොලීවියාවට වසරේ මෙම කාලයේ දී වර්ෂාපතනයෙන් දැඩි බලපෑම් එල්ලවන අතර අප්‍රේල් මාසය දක්වා මෙම කාලගුණික තත්ත්වය බලපැවැත්වෙනු ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙලෙස අධික වර්ෂාපතනය ඇතිවීමට දේශගුණික විපර්යාස හේතුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව එරට මාධ්‍ය වාර්තා කළේ.
අධික වර්ෂාපතනය හේතුවෙන් ටිටිකාකා විල එහි ඉහළම ජල මට්ටමට ළඟාවෙමින් පවතින බව ද සඳහන්.
පසුගිය කාලය පුරා එරටට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 800කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර ඒ සඳහා ඩොලර් මිලියන 75ක අධාර මුදලක් ද රජය ලබාදී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.