Latest News

ක්ෂය රෝගය සහ HIV එකට වැළඳීමේ අවදානමක් ගැන භයානක අනාවරණයක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය වසරේදී HIV පරීක්ෂණ සඳහා යොමු කරන ලද ක්ෂය රෝගීන් 8,787 දෙනාගෙන් 68 දෙනෙකුට HIV ආසාදනය වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

ඒ අනුව, ක්ෂය රෝගයෙන් පෙළෙන සියලු දෙනා සහ එම රෝගයේ ලක්ෂණ පෙන්නුම් කරන සෑම දෙනෙකුම HIV පරීක්ෂණයකට යොමු වන ලෙස එම වැඩසටහන ඉල්ලීමක් කරනවා.

සියලුම ක්ෂය රෝගීන් සඳහා HIV පරීක්ෂණයක් අනිවාර්ය වන අතර, HIV සමඟ ජීවත් වන පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කරන අවස්ථාවේදී ඔවුන්ට ක්ෂය රෝග පරීක්ෂාවක් සිදු කළ යුතු වනවා.

World News

Send your contact Details Today